Home » Sinhala Articles » ආතතියත් දුම්බීමත් කුරුලෑ සම්බන්ධව කුමක් කරයිද?

ආතතියත් දුම්බීමත් කුරුලෑ සම්බන්ධව කුමක් කරයිද?

දිගු කලක පටන් වෛද්‍යවරුන්ගේත් ක්ෂේත්‍රයේ අදාල පරීක්ෂකවරුන්ගේත් තිබුණු සැකයක් තමයි ආතතිය නිසා කුරුලෑ ව්‍යාප්තිය වැඩිවන බව . මේ ගැන   හරියටම දැනගන්න ඔවුන් තම තමන්ගේ විශ්ව විද්‍යාලවල ළමුන්වම පරීක්ෂණයට භාජනය කලා. මෙහිදී ඔවුන් නිරීක්ෂණය කල පලමුවැන්න නම් විභාග සමයේදී වැඩි දෙනෙකුගේ කුරුලෑ ඇතිවන බවයි. වාර පරීක්ෂණ අවසන් වී ටික දිනක් ගතවත්ම ක්‍රමයෙන් දරුණු කුරුලෑ තත්වය පහව යන බව ඔවුන්ට මනාව දැකගත හැකි වුනා. මෙම පරීක්ෂණයට අනුව ආතතිය වැඩිවත්ම සම මතුපිටට මේදය ශ්‍රාවය වීම වැඩිවීමෙන් කුරුලෑ තත්වය උග්‍ර වන බව නිගමනය කල මුත් එය සිදුවන යාන්ත්‍රනය පැහැදිලි කිරීමට තරම් ඔවුන් අපොහොසත් විය.කෙසේ වෙතත් ගැටවර වියේදී ඇතිවන කුරුලෑ තත්වය මානසික ආතතිය නිසා ඇතිවන්නක් වන බව නිශ්චිතවම නිගමනය කල නොහැකි වුනා

කුරුලෑ ඇතිවීම පිරිමින්ට වඩා කාන්තාවන්ගේ වේගවත්. මෙය ප්‍රතිශතයක් ලෙස තුන් ගුණයක් පමණ වෙනවා. ප්‍රධාන හේතුවනම් ගැහැණු සම වඩා සංවේදී වීම හේතුවෙන් ආසාදනයට ලක්වීමට ඇති පහසුවයි. සාමාන්‍යයෙන් මුහුණේ වැඩිපුරම ආසාදනයට ලක්වන ප්‍රදේශ ලෙස නළල් තලය , නාසය මතුපිට හා නිකට ප්‍රදේශය දැක්විය හැකියි.

එක්සත් රාජධානියේ සෑම කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් දුම්බීමට ඇබ්බැහිවීම හේතුවෙන් කුරුලෑ ආසාදනයට ලක්වීම වැඩිවෙලා කියලා එරට පරීක්ෂකයන් පවසනවා . මෙයින් වක්‍රාකාරව කියවෙන වැදගත් නිගමනය නම් දුම්බීම කුරුලෑ වර්ධනයට හේතුවක් වන බවයි.   ඔවුන්ගේ විශ්වාසයට අනුව නිකොටින් මගින් මේද ස්නේහය ශ්‍රාවය වැඩිකරන අතරම සම අලුත්වැඩියා වීමට අවශ්‍ය විටමින්  E සැපයුම අඩාල කරනවා. කුරුලෑ ආසාදනයට ලක් වූ වැඩිහිටි කාන්තාවන් බහුතරයකට බලපා ඇත්තේ ඉහතින් දැක් වූ හේතුවයි.

මේ අනුව පෙනී  යන තවත් වැදගත් කරුණක් නම් ගැටවරයන්ගේ  ඇතිවන කුරුලැත් වැඩිහිටි යන්ගේ ඇතිවන කුරුලෑත් අතර කැපී පෙනෙන වෙනසක් ඇති බවයි. වැඩිහිටි කාන්තාවන් කුරුලෑ ආසාදනයට ලක්  වීමෙන්  ඔවුන් අපහසුතාවයට පත්වන ප්‍රමාණය පිළිබද පැහැදිලි චිත්‍රයක් නොමැති වුවත් පවුල තුලත් රැකියා ස්ථානයේදීත් සමාජයීය වශයෙන් අපහසුතාවයට පත් වන බවනම් නොරහසකි.

මෙයින්  මගහරින ක්‍රම සොයන පිරිසට නිවැරදි විසදුම් ලබාදීමට ඒ සම්බන්ධ ආයතන නොකඩවා වෙහෙසෙන අතර තවත් සමහරක් කුමක්  හෝ ඉදිරිපත් කර මුදල් ඉපයීමටද පෙළඹී සිටිති .

ඉහත සාක්ෂි වලට අනුව ආතතිය මෙන්ම දුම්බීම ද එක හෙලාම කුරුලෑ ඇතිවීමට හා වර්ධනයට බලපාන බව හොදින් පැහැදිලි වෙනවඉතින් මේ හේතු වල. ක්වා ගැනීම ඔබගේ වගකීමක් මෙන්ම දක්ෂතාවයක්.

 

 

Buy Rane Herbal Cream with PayPal

(Free Delivery Around the World)

You must be logged in to post a comment Login