Home » Sinhala Articles » කිරණ වලින් කුරුලෑ සඳහා ඇති ස්වභාවික නොවන ප්‍රතිකාර ක්‍රම

කිරණ වලින් කුරුලෑ සඳහා ඇති ස්වභාවික නොවන ප්‍රතිකාර ක්‍රම

මෑතක්වනතුරුම  කුරුලෑ ගැටලුව  සදහා තිබුනු පිළියම් වුයේ ඝන  ආලේපන හා දියරමය ඖෂධ යි . මේ සාම්ප්‍රදායික ඖෂධ වලින් ඔබ්බට යමින් ලේසර් කිරණ මගින්ද  ප්‍රතිකාර ක්‍රමයක් බටහිර වෛද්‍ය විද්වතුන් විසින් හදුන්වා දී තිබෙනවා. කුරුලෑ වදයෙන් මිදෙන්න උත්සාහ කල සියලුම ක්‍රම නිෂ්පල වූ අයට ඇති හොදම ක්‍රමයක් ලෙස  මෙය හැදින්විය හැකියි . කිරණ ප්‍රතිකාර ක්‍රමයේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම විදහා දැක්වීමට තරම් වූ සාක්ෂි  නැති  නමුත් අසාර්ථක ප්‍රතිකර්මයක් ලෙසට කිසිසේත් හදුනාගත නොහැකියි.   ඉතා ප්‍රවේසම් සහගතව සිදු කල යුතු සේම තරමක අවදානමක්ද නැතුවාම නොවේ. මේ  නිසා කුරුලෑ වදයෙන් ගැලවෙන්න  මේ ක්‍රමය තෝර ගත යුත්තේ ස්වභාවික ඖෂධ  වලින් ප්‍රතිපල නොලැබී ගියහොත් පමණි, එය විශේෂයෙන් අවධාරණය කල යුතුයි.

කිරණ හා ආලෝක ප්‍රතිකාර වලට උදාහරණ ලෙස  නිල් කිරණ ප්‍රතිකරයත් , “pulse light and heat energy therapy” ප්‍රතිකාරයත්  ,”Diode laser treatment” ප්‍රතිකාරය ත්  පෙන්වාදිය හැකියි. .නිල් කිරණ ප්‍රතිකාරයේදී කුරුලෑ වලට හේතුවන බැක්ටීරියා විනාශ කිරීමක් සිදුකරන අතර “pulse light and heat energy therapy” ක්‍රමයේදී බැක්ටීරියා විනාශ කිරීම මෙන්ම රෝම කුප හකුළුවා හැරීමෙන් තෙල් නිෂ්පාදනය අඩු කිරීමද සිදුවෙයි”Diode laser treatment” ප්‍රතිකාරයේදී සම මතුපිට වූ තෙල් නිෂ්පාදනය වන රෝම කුප ප්‍රමාණය අඩු කිරීම සිදු කරයි.

මේ ක්‍රම තුනෙන් කුමන ක්‍රමය භාවිත කලද බොහෝ දෙනෙකුට කිරණ ප්‍රතිකාරයට ලක් වූ ප්‍රදේශ රතු පැහැ ගැනීමත් වියලීමත් දක්නට ලැබේ. කිරණවලට නිරාවරණය වූ ප්‍රදේශ රත් පැහැයට හැරුනේනම් එය පහව යාමට පැය කිහිපයක් හෝ දින කිහිපයක් ගත වීමටත් පුළුවන් .

කුරුලෑ සදහා කිරණ ප්‍රතිකාර සදහා යොමු වීමේදී එතෙක් කරගෙන ආ ආලේපන ප්‍රතිකාර ක්‍රමයන් වහාම නවතා නොදැමිය යුතු අතර නොනවත්වා  පවත්වා ගැනීමෙන් කිරණ මගින් සාර්ථක ප්‍රතිපල අත් කර ගත හැකියි . එමෙන්ම නිල්කිරණ ප්‍රතිකාරය සතියකට දෙවතාවක් බැගින් පුරා මසක කාලයක් ලබාගත යුතු වෙනවා . කිරණ ප්‍රතිකාරයට පසුවත් ඔබගේ කලින් බෙහෙත් වට්ටෝරුව දිගටම පාවිච්චි කරන්න අමතක කරන්න එපා .

කෙසේ හෝ ඔබ අවසානයේදී කිරණ ප්‍රතිකරයන්ට යොමුවන්නට තීරණය කලේ නම් පළමු පියවර විය යුත්තේ ඔබගේ වෛද්‍යවරයා හමුවීමයි. එවැනි අනුදැනුමකින් තොරව හිතුමතේට මෙවැනි ප්‍රතිකාරවලට යොමුවෙන්න එපා.

 

 

Buy Rane Herbal Cream with PayPal

(Free Delivery Around the World)

You must be logged in to post a comment Login