Home » Sinhala Articles » නියම ශාකසාර ඖෂධ තෝරාගැනීමට නම්.

නියම ශාකසාර ඖෂධ තෝරාගැනීමට නම්.

ස්වභාවික ශාකසාරමය ඖෂධ  භාවිතය ලොව මුල්ම වෛද්‍ය‍ය  ක්‍රමයයි. ක්‍රමයෙන් සිදු වූ මානව පරිනාමයත් සමග රසායනික ඖෂධ හා ආලේපන නිෂ්පාදනය මෙන්ම භාවිතයත් වේගයෙන් වැඩිවෙන්නට විය. මේ යොමුවීම කෙරෙහි බලපෑ ආසන්නතම හේතුව වූයේ භාවිතයේ පහසුවත් රෝග  සුවය සදහා ගතවන කාලය කෙටි වීමත්ය.  නමුත් වර්තමානයේ ලොව පුරා  පැතිරෙන  අලුත්ම ප්‍රවනතාවය නම් රසායනික ඖෂධ වලින්  මගහැරීමට විකල්ප සොයමින් ප්‍රජාව ඉබාගාතේ නොයෙකුත් ක්‍රම පසුපස හඹා යාමයි. මෙයට ප්‍රධාන  හේතුව නම් ලැබෙන අතුරු අයහපත් ප්‍රතිඵල හා කෘතීම රසායනික ද්‍රව්‍යන් වලට මිනිසුන් තුල ඇති වෙමින් යන නොකැමත්තය. මේ සදහා විකල්පයක් වශයෙන් කෘතීම නොවන ස්වභාවික ඖෂධ ගැන හා ඒවායේ  නිවැරදි භාවිතය ගැන ඔබ සැමට නැවත සිහි ගන්වන්නයි මේ වෑයම. මන්දයත්, ස්වභාවික ඖෂධ නිෂ්පාදකයන් ලෙස එය අපේ වගකීමක් ලෙස සලකනු ලබන නිසයි.

අප ශිෂ්ටාචාරය තුල ස්වභාවික ඖෂධ හා ආලේපන භාවිතය වසර 4000 කට වඩා පැරණිය. එපමණක් නොව එවකට  කෘමී හානි වලක්වීමටද මේවා භාවිත කල බවට සාධක ඇත.  අභ්‍යන්තරව හෝ බාහිරව යම් ඖෂධයක් භාවිතයට පෙර සුදුසුකම් ලත් වෛදවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීම කුමණ ඖෂධයකට වුවද පොදුය. ඒ හෙයින් බෙහෙත ශාකසාර වූ පමණින් එය භාවිතයට ගැනීම නුසුදුසුය . නියමිත මාත්‍රාවෙන් , නියමිත වෙලාවට සමගම වෛද්‍යවරයාගේ උපදේශ අනුගමනය කිරීමද  අනිවාර්ය වේ.එනම් භාවිතයේදී ප්‍රවේසම් විය යුතුය. ස්වභාවික ඖෂධ ක්‍රියාකාරීත්වය බාහිරින් පිලිබිඹුවන්නේ  සෙමින් නිසා ප්‍රතික්‍රියා  නිරීක්ෂණය රෝග සුවය සදහා නිවැරදි ඖෂධ තෝරගනීමට මනා පිටිවහලක් වේ.

තවද සමහරක් ශාක සාර ඔබගේ ශරීරයට අසාත්මික විය හැක, ඒවායින් වැළකෙන්න. එය ඔබ නොදන්නේ නම් පළමුව  එය පරීක්ෂා කර බලා  භාවිතයට ගන්න. මේ මිහිපිට දැනට මිනිසා විසින් සොයාගෙන ඇති පරිදි ශාක 750 000 පමණ ඇත. මේ සියල්ලගේම යම් ඖෂධීය ගුණයක් තිබිය හැකි නමුත් පරීක්ෂනවලට බඳුන් වන්නේ ඉතා සුළු ප්‍රමාණයකි.  රසායනික ඖෂධ බොහොමයක් පෙති හා කරල් ලෙස ඇතිමුත් ස්වභාවික ඖෂධ නැවුම් ශාක සාර කොටස් මෙන්ම, පෙති, කරල්, දියර, කල්ක, ආලේපන හා විලවුන්  ලෙසද භාවිතයට ගැනේ. මෙහිදී අවධානය යොමු කල යුතු තවත් වැදගත් කරුණක් වනුයේ මෙම ඖෂධ නිපදවීමට ලබාගන්න ඖෂධීය ශාක රසායනික පොහොර හා කෘමි නාශක භාවිතයෙන් තොරව ස්වාභාවිකව වැවුණු ඒවා වීමයි. එසේ නොවන්නේනම් ලැබෙන ප්‍රතිඵල වෙනසක් ඇතිවිය හැක.

ඔබ යම් ස්වභාවික ඖෂධයක් මිලදීගන්නේ නම් නිෂ්පාදකයාගෙන් ඖෂධ පැලැටි වගා කරන අකාරය  පිලිබඳව විමසා දැනගැනීම වැදගත් වගේම ඒ සදහා ඔබට අයිතියක්ද ඇත.දැනට අප රට තුලද වර්ධනය වෙමින් යන ආර්ථික තරඟකාරීත්වය මත ඖෂධ වගා  කෙරීමේදී බොහෝ නිෂ්පාදකයන් මේ පිලිබදව සැලකිල්ලක් නොදැක්වීමට ඉඩ ඇත. එම නිසා පාරිභෝගිකයන්  වශයෙන් ඔබ ඒ ගැන මනාව දැනුවත්ව ඇති බව ඔවුන්ට දැන්වීම ඔබ ලබා ගන්නා ඖෂධයේ ගුණාත්මක භාවය රැක  ගැනීමට පිටිවහලක් වනවා නොඅනුමානයි.මෙමගින් ඔබට කාබනික නිෂ්පාදන පමණක් අවශ්‍ය බව නිෂ්පාදකයන්ට බලකර සිටිය හැක.

ඖෂධීය ශාක අපට ලබාගැනීමට ඇති ස්ථානය අනුව කාන්ඩ  දෙකකට බෙදා දැක්විය හැකිය. එනම් අප අවට පරිසරයෙන් හා වානිජ වශයෙන් වගා කරන ගොවිපලවලින් වේ. අවට පරිසරයෙන් සපයා  ගන්නා  ඖෂධ පැළෑටි වල ඇති අවාසි සහගත තත්ත්වයනම් ඒවා අනාරක්ෂිතව පෞද්ගලික අධීක්ෂණයෙන්  තොරව පැවතීම හේතුවෙන් අහිතකර කෘමිනාශක, ඛනිජ තෙල්  හා වෙනත් අහිතකර කාබනික නොවන පොහොරවලට නිරාවරණය නොවූ බව පිලිබදව සහතික වීමට නොහැකි වීමයි.හිතකර පරිසර තත්ත්වයන් තිබීම නිසා වර්ධනය වූ නමුත් ඉහත  බාහිර සාධක නිසා මානව පරිහරණයට නුසුදුසු වේ.

එම නිසා ඖෂධ ශාක  ලබා ගත හැකි  හොදම ක්‍රමයනම් වානිජ වශයෙන් ගොවිපලවල වගා කිරීමයි. මනා අධීක්ෂණයෙන් මෙන්ම ආරක්ෂා සහිතව වැඩුනු ඖෂධ පැළෑටි සැක හැර නොබියව භාවිතයට ගත හැක. ඔබට හොදම ස්වභාවික ඖෂධ තෝරාගැනීමට අවශ්‍යනම්  ඉහත තොරතුරු අතිශයින්ම වැදගත් වේ. එම නිසා මනාව දැනුවත් වන්න.

 

 

Buy Rane Herbal Cream with PayPal

(Free Delivery Around the World)

You must be logged in to post a comment Login