Home » Nature Cures, Sinhala Articles » සම සුදුපැහැ ගැන්වීම පිළිබඳව ප්‍රවේසම් විය යුතු අවස්ථා

සම සුදුපැහැ ගැන්වීම පිළිබඳව ප්‍රවේසම් විය යුතු අවස්ථා

අපේ රටේ  වගේම අසල්වැසි ඉන්දියාව , පකිස්ථානය , බංගලාදේශය යන රටවල්වල වැසියන්ගේ සමේ පාටත්   සුදුත් නැති  කලුත් නැති ඒ අතර තියන පාටක් . බොහෝවිට එය දුඹුරු පාටක්. මේ වර්ණය ශරීරයේ පැවැත්මට හොදද නරකද යන සෞඛ්‍ය විද්‍යාත්මක  සත්‍යතාවය කොහොම උනත් සුදු ජාතීන්  අපිව වසර  සිය ගානක් යටත් කරගෙන සිටි  නිසාම තද වර්ණය සහිත වූවන් සැලකුවේ වහලුන් ලෙසයි ලෝක ජනගහනයෙන් 33% පමණම සමේ වර්ණය වෙන්නේ තලෙලු එහෙම නැත්නම් දුඹුරු පාට. ඉතින් තරුණ ගැහැණු ළමයි සමේ වර්ණය පැහැපත් කරගන්න දැන් කලේ නොකරන වෑයමක් නැහැනේ  . තරුණ ගැහැණු ළමයි  පමණක් නෙවේ කාන්තාවන් සියලු දෙනාම පහේ පැහැපත් වෙන්න කැමතියි.

 

හොදයි දැන් අපි බලමු සමේ වර්ණය ඇති වෙන්න  හේතුව මොකක්ද කියල . අපේ සමේ එක ස්ථරයක තියන වර්ණකයක් තමයි  මෙලනින් වර්ණකය. මෙම වර්ණකය අඩංගු වෙන ප්‍රමාණය අනුව සමේ පැහැය වෙනස් වෙනව, වැඩි ප්‍රමාණයක් ඇති අයගේ සමේ  පැහැය තද පාටක් ගන්නවා, අඩුවෙන් පවතින අයගේ සමේ පැහැය ලා පාටක් තමයි වෙන්නේ. මෙලනින් වර්ණකය වර්ණය ලබා දීමට අමතරව ශරීරයට කරනු ලබන වෙනත් ආරක්ෂාවන් වන්නේ පිළිකාවලට හේතු විය හැකි අහිතකර කිරණවලින් ආරක්ෂා කිරීමයි, ඒ විතරක්  නෙවෙයි  ශරීරය සුර්ය රශ්මියෙන් දැවීමද අවම කරනවා.
එතකොට සම පැහැපත් කිරීමේ ආලේපනවලින් සිදු කරන්නේ කුමක්ද? පැහැපත්වීමේ ආලේපන මගින් සම තුල මෙලනින් වර්ණකය එකතුවීම පාලනය කරනවා මෙමගින් තද වර්නගැන්වීම වලක්වනව .අනික තමයි හිරු කිරණ කෙලින්ම සම මතුපිටට  පතිත වීම වැලක්වීමෙන් සම පිළිස්සී හානි වීම වළක්වනවා. ප්‍රධාන වශයෙන් මේ හේතු දෙක නිසා අලේපනයක් භාවිත කළාම තිබුනට වඩා  20% ක පමණ පැහැපත් භාවයක් ලබා ගන්න පුළුවන් , හැබැයි ඒ සමේ පට වෙනස් වීමක් නිසා එහෙම නෙවයි.

පැහැපත් වීමට  වෙළදපලේ ඇති රසායනික ආලේපන භාවිතයේදී තියෙන අයහපත් අතුරු ප්‍රතිපල තමයි පළමුවෙන්ම  දැනගෙන තියෙන්න ඕන .
හොදයි දැන් අපි බලමු මොනාද මේ අයහපත් ඇතිවිය හැකි අතුරු ප්‍රතිපල කියල .

  • මෙම රසායනික ආලේපන දිගටම භාවිත කරලා නවතා දැමූ විගසම ඔබේ සමේ වර්ණය කලින් තිබුන තත්වයටම  පත් වීම .
  • අපි හොදින් දන්නා කරුණක් තමයි අපේ සම හිරු කිරණවල උදවුවෙන් විටමින් D නිෂ්පාදනය කරනව ඉතින් ආලේපන මගින් හිරු කිරණ සම ස්පර්ශ වීම වලක්වීම  නිසා මේ විටමිනය ශරීරයට ලැබෙන එක් මාර්ගයක් ඇහිරෙනව,මේ තත්වය අවාසි සහගත වෙන්න පුළුවන්.
  • මෙලනින් වර්ණකය පිලිකා ප්‍රතිරෝධයක් මෙන්ම ශරීරය දැවීමෙන්ද වලකාලනු ලබයි, රසායනික  ආලේපන මගින් මෙලනින් පාලනය කිරීම නිසා එම ආරක්ෂාව අඩු වීමට හැකියාව තියනවා.
  • ආලේපන නිෂ්පාදකයින් බොහෝ දෙනෙක් තම නිෂ්පාදනයේ අඩංගු ඖෂධයන් හා අඩංගු ප්‍රමාණයන් පිලිබදව නිවැරදි දත්ත හෙළි නොකිරීම මෙවැනි ආලේපන වලින් අහිතකර සංඝටක හා හිතකර වුවද . අධික ප්‍රමාණයන්ගෙන් ලැබීමෙන් සම රෝගී විය හැක.
  • බොහොමයක් රසායනිකව නිපදවන පැහැය ලබා දෙන ආලේපන භාවිත කල යුත්තේ වෛද්‍යවරයකුගේ මගපෙන්වීමක් යටතේය , එසේ නොවුනොත් අතුරු අබාධ ඇතිවෙන්නට පිළිවනි.
  • සමහර රසායනික අලේපනවල රසදියද අඩංගු විය හැක. එසේ වුවහොත් එම විස හේතුවෙන් කල්යත්ම වෙනත් භයානක රෝගී තත්වයන්ටද  මුහුණ දීමට සිදුවේ.
  • තවත් සුලබව දක්නට ලැබෙන අතුරු ප්‍රතිපලයක් තමයි අසාත්මික තාවය, කැසීම හා පලු දැමීම මේ අතුරින්  බහුල වේ.

    ඉතින් මේ තත්වයට හොදම පිළියම තමයි ස්වභාවික ශාකශාර ඖෂධ භාවිතය. පැහැපත් සමක් ඇතිකරගන්න ඕන තමන්ගේ සෞඛ්‍ය නොපිරිහෙන විදියටයි.  කෝමාරිකා ශාරය ,කහ , පැණි , නැවුම් එලකිරි , දෙහි යුෂ වලින් ස්වභාවිකව සම පැහැපත් කරගන්න ආලේපන හදාගන්න පුළුවන . කිසිම නරක ප්‍රතිපලයක් ලැබෙන්නෙත් නැහැ

 

 

 

 

Buy Rane Herbal Cream with PayPal

(Free Delivery Around the World)

You must be logged in to post a comment Login